website tracker widget

Sunday, September 26, 2010

ව්‍යාපෘති ක‍්‍රමවේදය In Search of Real Ravana

Title of the Project 
රාවණා

Aim of the Project 
රාවණා

Vision of the Project
රාවණා සහ සම්බන්ධිත විෂය ධාරාවන් හෙළි කර ගැනීම

Mission of the Project
රාවණා පිළිබඳව දැනට (අප සතු) (All what we have) පවතින දත්ත ඇසුරෙන් විෂය ධාරාවන් වර්ගීකරණය කොට ඒ පිළිබඳ විෂය දැණුම ඒකරාශීකරණය කිරීම

Value of the Project 
යථෝක්ත විෂය ධාරාවන් හෙළිකරගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ලාංකීය මෙන්ම, අන්තර්ජාතික වශයෙන් කතිකාවක් ඇති කිරීම ප‍්‍රධාන වශයෙන් මෙහිලා පෙන්වා දෙනු කැමැත්තෙමු. එසේම යථෝක්ත විෂය ධාරාවන් හෙළිකරගනිමින් ලාංකීය ජන සමාජයට ඒවා හෙළි කිරීමේ අවශ්‍යතාව ද දෙවන ඇගයුම් සහගත කරුණ ලෙසින් පෙන්වාදෙනු කැමැත්තෙමු.  ඒ තුළින් ලාංකීය ජන සමාජය මෙතෙක් ගිළී සිටි අඳුරෙන් එළියට කැඳවාගෙන ඒමට මහත් පිටුබලයක් ලැබෙනු ඇතැයි යන්න අපගේ පරම අපේක්‍ෂාව වන අතර එය බුදුරදුන් පෙන්වා දුන් ”තමෝ ජෝති පරායන” සමාජයක් ඇතිකිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් වනු ඇතැයි යන්න අපගේ ඒකායන පරමාර්ථයයි.

වසර 30ක් තිස්සේ යුද්ධයේ අඳුරු සීතල ගිණි පුපුරුවලින් නැඟුන වේදනාබර ශෝකාලාපයන්ගෙන් අත්මිදී නිදහසේ පිණිකැට මත වැටී දිළිසෙන මිහිඳු හිරු කිරණ මත දෙපා තබා සිටගන්නටත් විශ්වයම අතැඹුලක් සේ සුරතට ගන්නටත් ලාංකීය ජනසමාජයට රාවණ සම්හිතාගත විෂ්‍ය ධාරාවන් හෙළිකරගැනීමේ අවශ්‍යතාව ඉතාමත් අත්‍යාවශ්‍ය කාලච්ජේදයක් වශයෙන් පෙන්වා දෙනු කැමැත්තෙමු.

මේ සියළු කරුණු අනුව පැහැදිළිව පෙනී යන තව ද කරුණු රැුසක් වෙයි. ඒවා නම් රාවණා හා සම්බන්ධ සෑම කරුණකම පැහැදිළිව ගොඩනැගී ඇති විෂය ධාරාවන් රැුසක් පවතින බවයි. එකී විෂය ධාරාවන් කවරේද යන්න අප සැළකිල්ලට භාජනය කළ හොත් වෙන් වෙන් වශයෙන් හඳුනා ගත හැකි පහත සඳහන් විෂය ධාරාවන් පෙන්වාදිය හැකිය.

Objective of the Project
විෂය ධාරාවන්

පුරාවෘත්ත
ඓතිහාසික වටිනාකමින් යුත් රාවණා පිළිබඳ පුරාවෘත්ත
පුරාවිද්‍යාව
රාවණා සහ සම්බන්ධිත පුරාවිද්‍යාත්මක ශිලාලේඛන, අභිලේඛන, චිත‍්‍ර, මූර්ති, කැටයම් සහිත ඥාණ ධාරාව
විද්‍යා හා තාක්‍ෂණ
රාවණා සහ සම්බන්ධිත විද්‍යාත්මක ඥාණ ධාරාව
වෛද්‍යකරණය
රාවණා සහ සම්බන්ධිත වෛද්‍ය විද්‍යාත්මක ඥාණ ධාරාව
ජ්‍යෝතිෂය
රාවණා සහ සම්බන්ධිත ජ්‍යෝතීර් විද්‍යාත්මක ඥාණ ධාරාව
මන්ත‍්‍ර ශාස්ත‍්‍රය හා ඡුන්දස් ශාස්ත‍්‍රය
රාවණා සහ සම්බන්ධිත ශබ්ධ විද්‍යාත්මක ඥාණ ධාරාව
ආචාර ධර්ම හා දර්ශනය
රාවණා සහ සම්බන්ධිත ආචාර ධර්ම හා දර්ශනය හා බැඳි ඥාණ ධාරාව
ආරක්‍ෂණය
රාවණා සහ සම්බන්ධිත ආරක්‍ෂණ විධික‍්‍රම හා සටන් කලාව
සැළසුම්කරණය
රාවණා සහ සම්බන්ධිත සැලසුම් ශිල්පීය ඥාණ ධාරාව
වාස්තු විද්‍යාව
රාවණා සහ සම්බන්ධිත වාස්තු විද්‍යාත්මක ඥාණ ධාරාව
ජ්‍යාමිතිය
රාවණා සහ සම්බන්ධිත ජ්‍යාමිතික ඥාණ ධාරාව
ශූද්ධ ගණිතය
රාවණා සහ සම්බන්ධිත විද්‍යාත්මක ඥාණ ධාරාව
වාරි තාක්‍ෂණය
රාවණා සහ සම්බන්ධිත වාරි තාක්‍ෂණ විද්‍යාත්මක ඥාණ ධාරාව
පාරිසරික විද්‍යාව
රාවණා සහ සම්බන්ධිත පාරිසරික විද්‍යාත්මක ඥාණ ධාරාව
ස්වභාව ධර්මය
රාවණා සහ සම්බන්ධිත ස්වභාවික විද්‍යාත්මක ඥාණ ධාරාව
සෞන්දර්යය
රාවණා සහ සම්බන්ධිත සෞන්දර්යය ඥාණ ධාරාව

මෙම විෂය ධාරාවන්ට අයත් ඥාන සම්භාරය හෙළිකරගැනීමේ පුරෝගාමී මෙහෙවරකට දමන ලද අත්තිවාරමක් සේ මෙම ව්‍යායාමය පෙන්වාදිය හැකිය.

ඒ අනුව ඔබ රාවණා පිළිබඳව දන්නා සෑම විෂය කරුණක් වෙතොත් අප වෙත දැන්වීමට කාරුනික වන මෙන් ඉතා කරුණාවෙන් යුතුව ශාස්ත‍්‍ර හිතකාමීව ඉල්ලා සිටිමු.

ඔබට ඉලෙක්ට්‍රොනික් මාර්ගයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් හෝ අප වෙත අදහස් යොමු කළ හැකිය. ඔබ විසින් සපයනු ලබන සෑම තොරතුරක්ම ඔබගේ අනන්‍යතාවය මත පිහිටා හෙළිදරව් කරන අතර ඒ සෑම කරුණක් ම අපගේ විෂය වර්ගීකරණ ව්‍යුහයේ අන්තර්ගත වන ස්ථානය පිළිබඳව අප ඔබ දැණුවත් කරන්නෙමු.

ස්තුතියි

මේවගට

බ්ලොග් අඩවි සංස්කාරක

1 comment:

  1. හොඳ උත්සාහයක්. පුලුවන් සහයෝගයක් දෙන්නම්.

    ReplyDelete