website tracker widget

Wednesday, September 8, 2010

සක්විති රාවණයන් ගැන සත්‍ය විමසීමක් ඇරඹෙන වගයි.

ආයුබෝවන්


ඔබද රාවණ හිතැතියෙක් විය හැක, නැතිනම් රාම හිතැතියෙක් විය හැක, හනුමාන් හිතැතියෙක් විය හැක, විභීෂණ හිතැතියෙක් විය හැක, නැතිනම් ‘‘රාවණ’’ හා සබැ`දි තොරතුරු දන්නා විද්වතෙක් විය හැක. නැතිනම් මේ සියල්ලටම අභියෝග කරනා විද්වතෙක් විය හැකිය. මේ අතරින් ඔබ කවුරුන් හෝ වේවා. විද්වතුන් භක්තිවන්තයන් ඔබ සියළු දෙනාම අප සාදරයෙන් වැළ`ද ගන්නෙමු. ඒ මක්නිසාද යත්, ‘‘රාවණ’’ සිටියේය, සිටියේ නැත, හෝ සිටියා වන්නට හැක යන්නට පිළිතුරු ඔබ දන්නා බැවිනි. එම තොරතුරු හා වාර්ථා ඇසුරෙන් මතු පරපුරට මෙම ‘‘රාවණයන් හා එම යුගය’’ පිළිබ`දව සත්‍යය සොයායාමට අප මෙතෙකින් පියවර තබන්නෙමු.

රාවණ යුගය යම් ආකාරයකට දියුණුවීද, එම යුගයේ තාක්ෂණය දියුණුවීද, එසේනම් අද අපිට එය භාවිතා කළ හැකිවේ ද? මතු පරපුරට ලෝකයට වැඩදායකව භාවිතා කළ හැකිවේ ද ? එසේ නම්, මතු පරපුරට එය උරුමකරන්නටත් එම අතීතයේ තිබූ දියුණුව මතු කරගන්නටත් අත්වැල් බැ`දගනිමු. එය එසේ නොවීනම් අනාගත පරපුරට හා අනාගතයේ ඒ පිළිබ`දව කාලය යොමුකරන්නට යොමුවුනු අය හට අප සොයාගත් දේ එක්රැුස් කර තබමු. ඒ ඔවුනට ද අවශ්‍ය වුවහොත් මෙන්ම, අපට ද වැරදී ගියහොත් මුලසිට නොව අප නතරකල තැනින් පටන් ගන්නටය. නැතිනම් කාලය වැය නොකර දන්නා පමණින් සත්‍යය වටහාගන්නටය.

රාවණ පිළිබ`ද භාරතීය, ඉන්දුනීසියානු, යවන, අප‍්‍රිකානු හා රාවණ කල ලංකාවේ හා අප දැන් වසන ශ‍්‍රි ලංකාවේ තොරතුරු ද සොයා බලන්නට පුළුල් උත්සාහයක් ගන්නට අප උත්සුක වෙමු.

මෙහිදී ජනශ‍්‍රැතිය, ඉතිහාසය, පුරාවිද්‍යාත්මක සාධක පුරාවිද්‍යාත්මක තාරකා ශාස්ත‍්‍රය, ජ්‍යෝතීෂ්‍යය, වෛද්‍ය ශාස්ත‍්‍ර, ගුප්ත විද්‍යාව, යන්ත‍්‍ර මංත‍්‍ර තංත‍්‍ර, වේද ග‍්‍රන්ථ, ආගමික ග‍්‍රන්ථ, සාහිත්‍ය කෘති ආදී සෑම තැනකම අපි රාවණ සොයා යන්නෙමු.

මෙවන් සද්කා්‍ය_යකදී මෙම තොරතුරු නිවැරදිව සොයාගැනීමට ‘‘අපහට පමණක් හැකිවෙතැයි’’ අප කවර කලෙකවත් නොසිතන්නෙමු. අප හට මෙම සද්කා්‍ය_ය ස`දහා ඔබගේ දායකත්වය අති මහත් උපකාරයක්මය. ඔබ දරන මතයන්ද ඉතාමත්ම වැදගත්ය.

එවන් සද්කාර්යයක් (පිංකමක්) උදෙසා අප ඔබගේ නිරතුරු සහයෝගය, ම`ගපෙන්වීම කැපවීම බලාපොරොත්තු වෙමු. මේ පිළිබ`දව ‘‘සත්‍ය රාවණ යන්’’ සොයන අන් අය හටද දන්වන මෙන් ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටිමු.

එන්න අප හා අත්වැල් බැද සත්‍යය සොයන්නට.

3 comments:

  1. රාවණා ගැන ඔබ ඉදිරිපත් කරන කරුණු ගැන මාගේ උනන්දුව දැල්වී තිබේ. ඒ ගැන තවදුරටත් විමර්ශනය කිරීම සඳහා පහත සඳහන් කරුණු ඉදිරිපත් කර මා හට උදව්වන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
    ”රාවණා” මිත්‍යාවක් ද?”රාවණා” සත්‍යයක් ද?
    1. මෙම මතය සහ එය සනාථ කිරීමට ඉදිරිපත් කරන කරුණු පිළිගන්නා ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉතිහාසය හෝ පුරාවිද්‍යා අංශවල ආචාර්යවරයෙකු හෝ ආචාර්යවරු, හෝ පිළිගත් පුරාවිද්‍යා ආයතනවල පර්යේෂකයන් කවුරුන්ද? ඔවුන් එම අදහස් ගැන ලියා පළ කර ඇති ලිපි මොනවාද?
    2. මේ මතය ඉදිරිපත් කරමින් ලංකාවේ සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුරාවිද්‍යා සඟරාවල පළවී ඇති පිළිගත් පුරාවිද්‍යාඥයන්ගේ හෝ පර්යේෂකයන්ගේ ලිපි මොනවාද?
    ශාස්ත‍්‍රීය මත පිළිගැනීමේ දී පිළිගත් විධි නියාම අනුගමනය කිරීම අනිවාර්ය බැවින් ඉහත කී තොරතුරු විශේෂයෙන්ම අවශ්‍ය වී ඇති බව කරුණාවෙන් සළකන්න.
    මෙම ලිපියට ඔබෙන් ලැබෙන කාරුණික පිළිතුරුවලට අනුව යමින් මේ ගැන සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙමි.
    ඔබ දුන් අවධානයට ස්තුතියි.

    ReplyDelete
  2. බොහොම වැදගත් කාර්යයක්...වැඩපිළිවෙල සාර්ථක වේවි පතමි.
    හැකිතරම් නිවැරදි කරුණු ඉදිරිපත් කරන ලෙස ඉල්ලමි.
    ජය වේවා...

    ReplyDelete
  3. This is a great job.
    Hope we can find many important information about our greatest king

    ReplyDelete